නිවස වෙනස් විය හැකිය,නමුත් හදවතේ පවතී.මහින්ද රාජපක්ෂ ගේ උරුමය ජීවමානයි.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(11) විජේරාම නිල නිවසින් ඉවත්ව තංගල්ල කාර්ල්ටන් නිවසට යෑමට නියමිතය. 

ජනාධිපති වරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ඊයේ(10) පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර චන්දයෙන් සම්මත විය.

ඒ අනුව එම පනත සම්මත්වීමෙන්  හිටපු ජනාධිපතිවරයා විජේරාම නිල නිවසෙන් පිටවීමට නියමිතය .

මෙය නීතිමය තීරණයක් වුවද, මෙය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ගන්නා අසමාන්‍යම තීන්දුවක් බව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සිතන ඕනෑම පුද්ගලයෙකුට පෙනේ.


රට බේරාගත් නායකයාට මෙහෙමද?

2005 සිට 2015 දක්වා රාජපක්ෂ යුගය යනු, ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් විය. වසර 30 කට අධික වූ බියෙන් හා ලේ වැගිරීම්වලින් පිරි යුද්ධය අවසන් කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේය. ජනතාවේ සුරක්ෂිතතාවය හා දූපතේ සම්පූර්ණතාවය සුරකිමින්, ලෝක ඉතිහාසය වෙනස් කළ අධිරාජ්‍යවාදය පවා අභියෝග කළේ ඔහුයි.

එවැනි නායකයෙකු අද ඔහුට හිමි නිල නිවසෙන් ඉවත් කරමින්, මිනිසුන්ගේ මතකයෙන් මකා දැමීමට උත්සාහ කිරීම නීතියට ගරු කිරීමක් නොව, ඉතිහාසය අමතක කිරීමක් ලෙස පෙනේ.


නීතිය ද, මනුෂ්‍යත්වය ද?

පාර්ලිමේන්තුවේ බහුතරයකින් පනත් කෙටුම්පත් සම්මත විය හැකි වුවද, නායකයෙකුගේ ගෞරවය හා මනුෂ්‍යත්වය පිළිබඳව සලකා බැලීම අත්‍යවශ්‍යය. යුද්ධය අවසන් කළ නායකයෙකුට, රටට ගෙන ආ ස්වාධීනතාවය වෙනුවෙන් තවදුරටත් මතක හා සම්මානයක් ඉතිරි විය යුතුය.


ඉතිහාසය කිවිය යුතුම දේ කියයි.

අද රාජපක්ෂ මහතා විජේරමයෙන් තන්ගල්ලට ගියද, ඔහු රටේ ජනහදවත තුළ සිටී. අභියෝග ගොඩක් තිබුණත්, ඉතිහාසය කියන්නේ යුද්ධය ජයගත් නායකයා ලෙස ඔහුගේ නම අඛණ්ඩව සටහන් වී ඇති බවයි.


Post a Comment

0 Comments