හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පදිංචි වීමට කොළඹ ස්ථාන හතරක් බලා ඇතත් තවමත් සුදුසු නිවසක් හමුවී නැතැයි වාර්තා වේ.
ඔහුගේ විශේෂ කන්ඩායමක් විසින් නිවාස සොයා බැලීම මේ දිනවල කරගෙන යනු ලැබේ.
මේ සම්බන්දයෙන් අප ශ්‍රී ලන්කා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගේ කල විමසුමකදී ඔහු පැවසූවේ තානාපතිවරුන් ඇතුළු විශේෂ ප්‍රභූන් හමුවීමට පැමිනෙන හෙයින් සුදුසු පරිසරයක් තෝරා ගැනීමට සිදුව ඇති බවයි.
ප්‍රමානාවත් සහ ගැලපෙන මාර්ග පහසුකම් සහිත ප්‍රදේශයක නිවසක් තෝරා ගැනීම අපේක්ෂාව බවද ඔහු සදහන් කලේය.
හිටපු ජනාධිපතිවරයාට ගැලපෙන සුදුසු නිවසක් නුදුරේදීම සොයා ගැනීමට අපේක්ෂා කරන බව සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් පැවසීය.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාම මාවතේ රජයේ නිල නිවසින් ඉවත්ව තංගල්ලේ කාල්ටන් නිවසට ගියේය.
ඔහු තවමත් සිටින්නේ කාල්ටන් නිවසේය.
0 Comments