නවතම Apple iPhone 17 Series එක එළිදැක්වුවා, iPhone 17, Air, Pro & Pro Max Release – ඔබ දැනගත යුතු සියලු දේ!

Apple සමාගම නැවත වරක් ලෝකයේ ස්මාර්ට්ෆෝන් රසිකයන් අමන්දානන්දයට පත් කරමින්, නවතම iPhone 17 සිරීස් එක  නිල වශයෙන්  වෙළඳපොළට නිකුත් කලා.

මෙම විශාල එළිදැක්වීම සිදු වූයේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි Apple මූලස්ථානයේදී ය. සති ගණනාවක් පුරා අන්තර්ජාලය පුරා පැවති rumors නිමාවට පත් කරමින්, සැප්තැම්බර්  9 වන දින, Apple සමාගම විසින් iPhone 17 මාලාව ලෝකයට හඳුන්වා දුන්නා.

මෙම නව පවුලේ ඇතුළත් වෙන්නේ iPhone 17, iPhone 17 Air, iPhone 17 Pro, සහ බලගතුම iPhone 17 Pro Max. සෑම එකක්ම නවතම විශේෂාංග සහ අලංකාර designs වලින් සමන්විත වන අතර, ලොව පුරා සිටින Apple පරිශීලකයින්ට සම්පූර්ණයෙන්ම නව අත්දැකීමක් ලබා දෙන බවට පොරොන්දු වෙනවා.

Post a Comment

0 Comments